Spread the love

කල්පිටිය ඉරතිව් දුපත් ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි ඩිංගි බෝට්ටුවකින් නිති විරෝධි ලෙස මෙරටට රැගෙන එමින් සිටි මත්පෙති තොගයක් සමගින් සැකකරුවන් 2 දෙදෙනකු අද සවස නාවික හමුදා භාරයට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්නකිරිිම් හමුවේ ඩිංගි බෝට්ටුව තුළතිබී මත්පෙති 570,000ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් 33ක් සහ 39ක් වයසැති නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා සහ මත්පෙති තොගය පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.