නිමල් රාජපක්ෂ
මත්ද්‍රව්‍ය ගෙන්වීම සහ සැපයුම නවතා දැමීමේ ජාතික වැඩපිළිවෙළක් මේ මාසය අවසන් වන විට ආරම්භ කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ ලස්සන ජීවිතයක් මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක් යන මැයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන උපදේශන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පුරුත්ථාපන කාර්යාංශය විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන උපදේශන වැඩමුළු මාලාවේ සමාරම්භක වැඩමුළුවට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද ( 14) පෙරවරුවේ එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වු අධිකරණ ඇමතිවරයා ,දැනටමත් ඒවෙනුවෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවා. එම වැඩපිළීවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් පුරුත්ථාපන කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන නියෝජනය කරන උපදේශන නිලධාරීන්ගේ ඔබගේ සහාය අවශ්‍ය වෙනවා. උපදේශන නිලධාරීන් වන ඔබ විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් කටයුතු කරනවා . ඔබ සියලු දෙනා ඒකරාශි කිරීම මෙම වැඩමුළුවේ අරමුණයි. සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් මෙවැනි උපදේශන වැඩමුළු පවත්වනවා. අපේ මුලික අරමුණ මත්ද්‍රව්‍ය සැපයුම නවතා දැමීමයි. ඊට අමතරව මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධව දැනුවත් කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පුනරුත්ථාපනය වු පුද්ගලයින් පිළිබඳ පසුවිපරම් ක්‍රියාවලිය අත්‍යවශයි. එම ක්‍රියාවලිය සිදු කිරීම උපදේශන නිලධාරීන් වන ඔබගේ වගකීමයි. ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මත්ද්‍රව්‍ය ගෙන්වන්න බෙදාහරින්න කිසිඳු අයෙකුට ඉඩ දෙන්නේ නැහැ.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙක තුළ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වශයෙන් සිදු වන බව අනාවරණයි වී තිබෙනවා. මේ ව්‍යසනය රටේ ආර්ථිකයට මෙන්ම පවුල් සංස්ථාව බිඳ වැටීම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා. පාතාලය වැඩි වශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම හරහායි. දේශියව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ කටයුතු මේ වන විට සාර්ථකව සිදුවන බව කිව යුතුයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පවතින පුනරුත්ථාපන කාර්යාංශය විසින් මත් උවදුර තුරන් කිරීමට විධිමත් වැඩපිළවෙලක් ආරම්භ කර ඇති බවත්, ඒ අනුව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේචාඡාවෙන් පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු විය හැකි පුනරුත්ථාපන මධ්‍යස්ථාන දහයක් ස්ථාපිත කරන බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීමේ මධ්‍යස්ථාන 10 ක් රට පුරා ස්ථාපිත කිරීමට නියමිත අතර, එහි පළමු මධ්‍යස්ථානය එළඹෙන 16 වැනිදා පොලොන්නරුව වැලිකන්ද සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා නිලානි අලුත්ගේ මහත්මිය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලුකා චාමලී පෙරේරා මහත්මිය වැඩමුළුව අමතමින් දේශන පවත්වන ලදී.
