Spread the love

නාගොඩ- සුමන

බදුල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යෑමේ අවදානම කෙටිකාලයක් තුළ පාලනය කල හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පවසයි.

එම ප්‍රදේශයේ නාය යෑමේ අවදානම නිරීක්ෂණය කිරීම සඳහා එක් වෙමින් ඒ බව පැවසීය.

මේ අතර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යෑම් ඇති ස්ථානය පිළිබඳ වාර්තාව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතියක පමණ කාලයක් තුළ ලබාදීමට එකඟත්වය පළකල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රබාත් අබේවර්ධන මහතා පැවසීය.

එම වාර්තාව මගින් භූමියේ අස්ථාවරත්වය හඳුනා ගෙන එය ස්ථාවරත්වයට පත්කිරීම සඳහා වන කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් ලබා දෙනු ඇතිබව පැවසීය. මලිත්තගොල්ල නාය යැම සහ උමා ඔය භූගත ජල මාර්ගය අතර සම්බන්ධයක් ඇද්ද යන්න සම්බන්ධයෙන් ජල මූලාශ්‍ර අධ්‍යනය කර විමර්ශනයක් සිදුකර තිබේ.

එම තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා යම් භූ විද්‍යාත්මක පරීක්ෂණ සිදුකල යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසූ බව ලේකම්වරයා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය උපකරණ ගණනාවක් භූමියේ ස්ථාපනය කර ඇතිබව වැඩිදුරටත් ලේකම්වරයා පැවසීය.