නිමල් රාජපක්ෂ-
ජනතාවට සිදුවන අකටයුතු කම් පැමිණිලි කිරිම සදහා රේගු දෙපාර්තුමේන්තුවේ ”අභ්‍යන්තර කටයුතු ඒකකයක් ”අද(8) පෙරවරුවේ මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා අතින් විවෘත කෙරිණ .
මෙම ඒකකය මගින් ජනතාවට සිදුවන අකරතැබ්බ සදහා ක්ෂිකව විසදුම් ලබා දීමට පියවර ගැනීමට නියමිතය.
බොහෝ දෙනෙකු භාණ්ඩ ගෙන්වා ගැනිමේදි , තමන් ගේ නමට පාර්සල් පැමිණි බවට රේගුවට පැමිණි නිදහස් කර ගැනීමේදී කිසියම් අකටයුත්තක් සිදුවුයේද එවැනි දේ පිළිබදව ,මත්ද්‍රව්‍ය වැනිදෙයක් පිලිබදවද මෙම ලිඛිතව ,වාචිකව හෝ ඊමේල් මගින් මෙම ඒකකයට දැනුවත් කිරීමට පුලුවන් බවද ඇමතිවරයා පැවසුවේය.
මෙවැනි ඒකක පිහිට විමෙන් ජනාතාව විශාල සේවාවක් සිදුවන බැවින් ඉදිරියේදී දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවට හා සුරාබදු දෙපාර්තුමේන්තුවටත් පිහිටවීමට පියවර ගන්නා බවද මෙහිදී පැවසුවේය. මෙම අවස්ථාවට රේගු අධ්යක්ෂ ජෙනරාල් සරත් නෝනිස් , රේගු මාධ්යප්රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ යන මහත්වරු , රේගු දෙපාර්තුමේන්තුවේ ,දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ හා සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.
වීඩියෝව නරඹන්න
