Spread the love

නිමල් රාජපක්ෂ
ජා ඇල ඒකල ඔතේ කැලේ ප්‍රදේශයේ වගුරු බිමක දි නිති විරෝධි ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාන මත්පැන් නිෂ්පාදනාගාරයක් ඊයේ රාත්‍රියේ වටලා රුපියල් ලක්ෂ 12 ක් ව ටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 2 සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ නිති විරෝධි ස්ප්‍රිතු ලිටර් 808.0 ක් සහ නීති විරෝධි ලෙස සාදන ලද මත්පැන් හෙවත් ගෝඩා ලිටර් 12,000.0ක් සහ මත්පැන් පෙරිමේ උපකරණ තොගයක් සොයා ගත් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරින් තිස්ස කුමාර රාජපක්ෂ මහතා පවසයි.
මෙම අත් අඩංගුවට ගන්නා ලද භාන්ඩ වල වටිනාකම රුපියල් 1,200,000 පමණ වන අතර රජයට අහිමිවිමට තිබු විශාල ආදායමක් ආරක්ෂා කර ගැනිමට මෙමගින් හැකි වි තිබේ.
මෙම නිති විරෝධි ස්ප්‍රිතු සාමාජ ගතවිමෙන් විය හැකි වු හානිය වලක්වා ගැනිමට ද හැකි විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ට ඉදිරිපත් කිරිමට නියමිතය.
අදාල සිද්ධිය පිළිබදව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව සුරාබදු නිලධාරීන් පවසයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බි.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නිති ක්‍රියාත්මක කිරිම) තිස්ස කුමාර රාජපක්ෂ ගේ ඍජු මෙහෙයවිමෙන් නියෝජ්‍ය සුරාබදු කෙමසාරිස් (අධ්‍යයන සහ පර්යේෂණ)රෙෂාන් පෙරේරා , සුරාබදු අධිකාරි වජිර විජයසිංහ(කෑගල්ල) මත්ද්‍රව්‍ය නාශක අංශයේ , ගම්පහ සහ ජා ඇල සුරාබදු නිලධාරීන්සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරිමේ අංශයේ සුරාබදු කෝප්‍රල් හසිත සිරිවර්ධන ට ලද තොරතුරක් අනුව මෙම වැටලිම සිදු කළහ.

වීඩියෝව නරඹන්න