හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවස තවමත් ආණ්ඩුවට නිසි ලෙස භාර දී නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
දැනට සති තුනක් ගත වී ඇති බවත් පැවසූ ඔහු ඊට අදාළ ක්‍රියා මාර්ග අදාළ අමාත්‍යංශ විසින් ගනු ඇති බවද කියා සිටියේය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා තව ටික දවසකින් කොළඹ නිවසක් සොයාගෙන එහි පදිංචියට එනු ඇති බවත් තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසීය.
අද කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.