මහ බැංකුව සහ එහි කටයුතු තව දුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත අද (15) සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
ඒ් අනුව මහ බැංකුව මගින් මීට පෙර සිදු කළ මුදල් මුද්‍රණය සිදු කළ හැක්කේ ඉතා සීමාසහිතව සුවිශේෂී තත්ත්වයන් යටතේ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රට තුළ පවතින විශේෂ ආරක්ෂක ගැටලුවක දී සහ ලෝක මට්ටමේ සෞඛ්‍ය ගැටලුවක දී පමණක් එම අවස්ථාව හිමි වේ. එසේ මුදල් මුද්‍රණය කළ හැකි වන්නේ ද නිකුත් කර ඇති භාණ්ඩාරගාර බිල්පත් වටිනාකමෙන් 5%ක වටිනාකම නොඉක්මවන මුදලක් පමණක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මීට අමතරව මහ බැංකුව උද්ධමන ඉලක්කයක් අනුව කටයුතු කළ යුතු අතර ඊට ළගා වීමට අපොහොසත් වුවහොත් ඒ් සම්බන්ධයෙන් හේතු දැක්වීමට ද මහ බැංකුවට සිදු වේ. මහ බැංකුවේ සාමාන්‍ය පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා සහභාගී නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එම මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම් පවා නව මහ බැංකු පනතට ඇතුළත් කර තිබීම ද විශේෂත්වයකි. එම පත්වීම් අනුමත කළ යුතු වන්නේද ව්‍යාවස්ථාදායක සභාව මගිනි. මීට අමතරව මහ බැංකු අධිපතිවරයා කැඳවා කරුණු වීමසීමට ද මෙමගින් පාර්ලිමේන්තුවට බලය හිමි වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
