Spread the love

නුවරඑලිය සිට ධාවනය වන දුර සහ කෙටි දුර ධාවන ලංගම, පෞද්ගලික බස් රථ සහ මාර්ගයේ ධාවනය කරන සියළුම වාහන නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා විසින් හදිසි පරික්ෂවකට ලක් කෙරිණ.

නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ගේ ද සහයෝගය ඇතිව මෙසේ වාහන හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

සිදු කල හදිසි පරික්ෂාවේදි බස් රථ මගී ප්‍රවාහන සේවයට සුදුසු තත්වයක තිබේද යන්න පිළිබදව විශේෂ අවධානය යොමු කල අතර, ධාවනයට නුසුදුසු තත්වයෙන් ධාවනයට එක් කර තිබූ ලංගම, පෞද්ගලික බස් රථ කිහිපයක් සහ පෞද්ගලික වාහන කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ පරික්ෂකවරයා විසින් පියවර ගත් අතර, එම වාහනවල තිබූ අඩුපාඩුකම් දින 14ක් ඇතුලත අලුත්වැඩියා කර මෝටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට ඉදිරිපත් කල යුතුය.