Spread the love

නිමල් රාජපක්ෂ

ආපදා සහ ව්‍යසන අවස්ථාවල දී අනෙකුත් ප්‍රතිකාර සඳහා මූලිකත්වය ලබාදෙන අයුරින්ම මානසික සෞඛ්‍ය ප්‍රථමාධාර ප්‍රතිකාර සඳහා ද මූලිකත්වය ලබාදිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත පැවැත් වූ ජාතික සැමරුම් උත්සවය අද (08) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ සමරනු ලබන මෙම දිනය මෙම වර්ෂයේ දී “ආපදා සහ හදිසි අවස්ථාවල දී මානසික සෞඛ්‍ය සේවාව සැමට සැමවිට” යන්න තේමා කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
මානසික සෞඛ්‍ය සම්බන්ධව වු සංවිධානාත්මක ජාලය හා එය ස්ථාපිත කිරීම පිළිබඳව දැඩි ප්‍රශ්ණයක් සහ ගැටළුකාරීබවක් අප රට තුළ වන බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසීය.