පුත්තලම සිට මාදම්පේ හරහා කොළඹ දෙසට ධාවනය වූ ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතා ඟමන් ගත් රථයට යතුරු පැදියක් ගැටීමේන් යතුරු පැදි කරු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෝටර් රථය පැදවු මන්ත්‍රී වරයාගේ සහෝදරයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. .
අනතුරින් යතුරුපැදියේ පැදිකරු තුවාල ලබා දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් තිබුණි.
පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ මෝටර් රථය තුළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා ගමන්ගෙන ඇති අතර රථය පදවා ඇත්තේ ඔහුගේ සහෝදරයා බවය.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිය සඳහා පැමිණෙමින් සිට ඇති අතර අනතුරට පත් එම රථය ද මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබුණි.
අනතුර සිදුවීමෙන් පසු cctv දර්ශන පැවතියද අනතුර සිදුවන අවස්ථාවේ දර්ශන මෙතෙක් ලබා ගැනිමට හැකිවී නැත.
අනතුරින් මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ෆ්‍රැන්සිස් ගාමිණි නැමැති 65 හැවිරිදි අයෙක් වන අතර ඔහු ව්‍යාපාරිකයෙකි.
අනතුර සම්බන්ධව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, මෝටර් රථයේ රියැදුරාට නින්දයාම අනතුරට හේතුව බවය.
රියදුරු වෙන්නප්පුව කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එමෙන්ම මෝටර් රථයේ ගමන්කළ මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිය සඳහා පිටත් කිරීමට පොලිසිය එහිදී කටයුතු කර තිබුණි.
