Spread the love

.

ඊයේ රාත්‍රී මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබු පිරිමි දරුවා මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙක්ය

වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අතර, යතුරුපැදියේ ගමන්කළ ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලබා තිබුණි.

අනතුරුව ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කළහ.

එහිදී දියණිය ද මිය ගොස් තිබේ.