Spread the love

මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, වෙඩි වැදුණු එම පුද්ගලයා මිනුවන්ගොඩ ‍රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.