නිමල් රාජපක්ෂ-
ඩුබායි සිට ගෑස් ලිප් අඩංගු බවට ව්‍යාජ ලිපි ලේඛන සකස් කොට මෙරටට එවා තිබු බහලුමක් පරිික්ෂා කිරීමේදි එහි තිබී රුපියල් මිලියන 300 ක් වටිනා දුම්වැටි තොගයක් වරායේ රේගු පාලන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දුම්වැඩි තොගයේ විදේශීය සිගරැට් මිලියන තුනක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

මෙම බහාළුම ව්‍යාජ ලිපිනයකට එවා තිබූ අතර එම බහාළුම තුළ ගෑස් ලිප් අඩංගු බව නැව් බඩු ලේඛණයේ සටහන්ව තිබුණි. අන්තර්ජාතික රේගු ජාවාරම් මැඩලීම වරාය පාලන අංශයෙන් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යය වේ.

මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ යූ.කේ. අසෝක රංජිත් මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ චාන්දනී සෙනවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එච්.එම්.එස්. රාජගුරු , එන්.එස්. කුමානායක , සහ සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.එම්.බී.එන්. විජේපාල , ටී.ඒ. ජයකොඩි , එස්. නිතිපන් , එච්.එම්.එන්.අයි.එන්. බණ්ඩාර ම සහ බී.ආර්. එපිටවල යන මහත්ම මහත්මීන් සිද්ධිය පිළිබදව වැඩි දුර පරික්ෂණ පවත්වයි.
වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න
