තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හරහා සිදුකර ඇති අපහාසය වෙනුවෙන් මිලියන 500 ක වන්දියක් ඉල්ලා වරුණ රාජපක්ෂ යන අයට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
ඒ අනුව, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නීතිඥවරුන් මාර්ගයෙන් මෙම එන්තරවාසිය යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.
වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් YouTube නාලිකාවක් හරහා සාවද්‍ය කාරණයක් සමාජගත කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ එයින් පෙන්වා දෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

