නිමල් රාජපක්ෂ-
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මිටියාගොඩ , ගොඩගම හා මාතර යන ප්‍රදේශවල කල සෝදිසි මෙහෙයුමකදි රුපියල් මිලියන 748 ක් වටිනා මත්ද්‍රව්‍ය හා වල්ලාපට්ටා තොගයක් මුදල්ද සමගින් සැකකරුවන් 9 දෙනෙකු කොළඹ සංවිධාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් දෙනියාය වන සංරක්ෂණ නිලධාරීන් ගේ සහාය අතිව අත්අඩංගවට ගෙන ඇත.
මෙම සෝදිසි මෙහෙයුම දෙදිනක් පුරා සිදු කල අතර මේ මස 6 දා මාතර තොටුපල ප්‍රදේශයෙන් රුපියල් මිලියන 662 කට අධික වටිනාකමකින් යුත් වල්ලා පට්ටා කිලෝ 110 ග්‍රෑම් 450 ක් සමගින් සැකකරුවන් 3 දනෛක් යුධ හමුදා බුද්ධි අංශය දෙනියාය වනසංරක්ෂණ නිලධාරීන්ගේ සහාය ඇතිව කොටු කරගෙන තිබේ.
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කොළඹ සංවිධාත්මක අපරාධ ඒකකයේ නිලධාරී සමගින් ඊයේ මීටියාගොඩ , ගොඩගම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදි රුපියල් මිලියන හැත්තෑ පහක් (රු. 75,000,000.00 ) පමණ විටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5 ග්‍රෑම් 420ක ප්‍රමාණයක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් එක්කෝටි අටලක්ෂ එකොලොස් දහස් පන්සියයක (රු.10,811,500) මුදලක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
මෙම මත්ද්‍රව්‍ය තොගය සමගින් සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුුතු සදහා ගාල්ල දිස්ත්‍රික් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය වෙත බාරදී ඇත.
