නිමල් රාජපක්ෂ-ගණේමුල්ල
හලාවත සිටි කොළඹ කොටුව බලා ධාවනය වු මුතුකුමාරි කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගෙන දෙවන පංතියේ ගමන් කළ මගීන් 28 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාර්යාල බලා ගමන් ගන්නා කාන්තාවෝ 12 දෙනෙකු පමණ සිටිබව කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී සුසිල් ප්‍රේමලාල් මහතා පවසයි.
මුතුකුමාරි කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ රාගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු දුම්රිය තුළ මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව පසුගියදා (8) සිදු කළහ.
එහිදී අත්අඩංගුවට ගත් මගීන් ගෙන් ඒ මෙහොතේම රුපියල් 85700 /= දඩ මුදලක් අයකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරින් සමත්වී ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, සහකාර අධිකාරී එන්.පී.ජයන්ත මහතාගේ අධීක්ෂණය යටතේ කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි සුසිල් ප්‍රේමලාල් ,රාගම කාර්යභාර නිලධාරි එච්.එන්.ටී.බී හේරත් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසි දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.