Spread the love

අසමතුලිතතාවක් කළමනා කරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් කෙටි කාලීනව සිදු කරනු ලබන මෙහෙයුමකි. උදාහරණයක් ලෙස මහ බැංකුව මඟින් 2024 වසරේදී මෙම ද්‍රවශීලතාව එක්දින පදනම සහ කෙටි කාලීන පදනම මත (දින 7 ක්) ලබාදී ඇත. මෙය තාවකාලික පදනමින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ද ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන ආර්ථිකයේ පොලී අනුපාතික ඉහළ යෑම පාලනයට බැංකුවලට ලබාදී ඇති පහසුකමක් පමණක් වන අතර, මෙය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ නිරූපණය කිරීම නිවැරදි නොවේ.

තවද, ලොව පුරා මහ බැංකු ද්‍රවශීලතාව කළමනා කරණය කිරීම සඳහා මීට සමාන විවට වෙළඳ පොළ කටයුතු නිතිපතා සිදු කරනු ලබයි. මෙම මෙහෙයුම් සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වන අතර, මුදල් ප්‍රතිපත්තිය හැසිර වීමේදී ද්‍රවශීලතාව කළමනා කරණය සඳහා මෙම විවට වෙළඳ පොළ කටයුතු මහ බැංකුව විසින් සිදු කරනු ලබන කටයුත්තකි.

වර්තමාන තත්ත්වය

ලෙස මහ බැංකුව මඟින් 2024 වසරේදී මෙම ද්‍රවශීලතාව එක්දින පදනම සහ කෙටි කාලීන පදනම මත (දින 7 ක්) ලබාදී ඇත. මෙය තාවකාලික පදනමින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ද ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන ආර්ථිකයේ පොලී අනුපාතික ඉහළ යෑම පාලනයට බැංකුවලට ලබාදී ඇති පහසුකමක් පමණක් වන අතර, මෙය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ නිරූපණය කිරීම නිවැරදි නොවේ.

තවද, ලොව පුරා මහ බැංකු ද්‍රවශීලතාව කළමනා කරණය කිරීම සඳහා මීට සමාන විවට වෙළඳ පොළ කටයුතු නිතිපතා සිදු කරනු ලබයි. මෙම මෙහෙයුම් සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වන අතර, මුදල් ප්‍රතිපත්තිය හැසිර වීමේදී ද්‍රවශීලතාව කළමනා කරණය සඳහා මෙම විවට වෙළඳ පොළ කටයුතු මහ බැංකුව විසින් සිදු කරනු ලබන කටයුත්තකි.

වර්තමාන තත්ත්වය

බැංකු පද්ධතිය තුළ දිගුකාලීනව පැවති ද්‍රවශීලතාව බෙදී යෑමේ අසමතුලිතතාව හේතුවෙන්, 2024 වසර තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට ද්‍රවශීලතාව ලබාදීම සඳහා නිරන්තරයෙන් විවට වෙළඳ පොළ මෙහෙයුම් කටයුතු සිදු කළේය. මුදල් වෙළඳ පොළ ද්‍රවශීලතා අතිරික්තයක් පැවතිය ද මෙම ද්‍රවශීලතාව අසමතුලිත ලෙස බැංකු අතර බෙදී පැවතීම නිසා දේශීය බැංකුවලට ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය ගනුදෙනුකරුවන්ගේ ණය ඉල්ලීම සපුරාදීම ඇතුළු ඔවුන්ගේ දෛනික මෙහෙයුම් කටයුතු සඳහා ද ද්‍රවශීලතා අවශ්‍යතාවන් ඇති වේ.

රාජ්‍ය ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට වැටීම හේතුවෙන් සමහර බැංකුවලට තවත් බැංකුවක් සමග ණය ගනුදෙනු කිරීම සඳහා දැඩි ලෙස සීමා පනවා තිබීම නිසා සමහර බැංකු දැඩි ද්‍රවශීලතා හිඟයකට මුහුණපා ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර ඇති විදේශීය බැංකුවලට අතිරික්ත අරමුදල් පැවතිය ද ඔවුන් සතු අතිරික්ත අරමුදල් මෙම සීමා නිසා තවත් බැංකුවකට ණයට දීමට නොහැකි වී ඇත. මෙවැනි පසුබිමක, ශ්‍රී ලංකා මහ බැංකුව ද්‍රවශීලතාව ලබාදීම තුළින් කෙටිකාලීන පොලි අනුපාතික විශේෂයෙන්ම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීම සහතික කරමින් මෙම හිඟය සමනය කිරීමට හැකි වී ඇත.