Spread the love

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවගියේ 05වන තරගයෙන් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුළු 08න් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ තිලක් වර්මා පන්දු 46දී ලකුණු 84ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු දෙකක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 172ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

එහිදී නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 73ක් සහ විරාත් කෝලී ලකුණු 82ක් රැස් කිරීමට සමත් වුණා.