Spread the love

මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලි ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිවකුට බහුතර බලයක් හිමි නොවූ එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේග අපේක්ෂකයා ඡන්ද නවයක් හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඡන්ද හතක් ලබා ගත්තේය.

උප සභාපතිවරයා ලෙස පත් වූයේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් එම ප‍්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින රිෂාච් බදියුදීන් මහතාගේ නායකත්යෙන් යුතු සමස්ත ලංකා ‍මහජන කොංග්‍රසයේ සාමාජිකයෙකි.