රටේ බහුතරයකට මුස්ලිම් ජනතාවගේ හිජාබය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා.
ඒ අනුව, හිජාබය පැළඳ හෝ මුස්ලිම් තරුණියන් හෙද සේවයට පැමිණීම හොඳ ක්‍රියාවක් බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් උන් වහන්සේ සඳහන් කළේ.
එරෙහි විය යුත්තේ බුර්කාව සහ නිකාබය යන, සම්පූර්ණයෙන් මුහුණ වසා ගැනීමේ ක්‍රමවලට බව ද එම හිමියන් පවසා සිටියා.
බහුතරයකට හිජාබය, බුර්කාව සහ නිකාබය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නොමැති බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
