Spread the love


නිමල් රාජපක්ෂ

නව වසර උදා වීමත් සමගින් ජනවාරි මස 1 වැනි දින සිට මුහුදු බඩ දුම්රිය කාල සටහනේ සංශෝධන රාශියක් සිදු වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කල රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය අළුයම 05.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමනාරම්හ කිරීමට නියමිතයි.

සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමි දුම්රිය මගී ජනයාගේ පහසුව පිණිණ සෙනසුරාදා දිනයේද ධාවනය කෙරේ.
සතියේ දිනයන්හී රාත්‍රී 08.35ට මරදාන සිට දකුණු පයාගල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන දුම්රිය හෙට (1) සිට අලුත්ගම දක්වා ගමනාන්තය දීර්ඝ කර ඇත.
පස්වරු 02.00ට මරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය හෙට සිට සිට පස්වරු 01.55ට මරදාන දුම්රිය ස්ථානයෙන් අලුත්ගම දක්වා ගමනාරම්භ කිරීමට නියමිතයි.