Spread the love

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 21 වැනිදා මාතර සිට කොළඹ මරදාන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් කඹුරුගමුව හා වැලිගම දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්වීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (22) සහ පෙරේදා (21) දින දෙක තුළදී වැලිගම දක්වා පමණක් සීමා කර තිබිණ.