මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අද (30) දිනයේ අවලංගු වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එසේම අද (30) සහ හෙට (31) දිනවලදී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකියි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මංතීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති අතර හෙට රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.
