1986 වසරේ පසුව තේ කර්මාන්තශාලා 213ක් විවිධ හේතු නිසා වසා දැමුණු බව වැවිලි සහ පුජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
වර්ෂ අනුව වසා දැමූ කම්හල් ගණන මෙසේය:
2018 – 13
2019 – 17
2020 – 13
2022 – 14
2023 – 19
2025 – 6 (දැනට)
මෙම කම්හල් වැසී යාම මාස කිහිපයකට සීමා වූ අර්බුද හේතුවෙන් නොවන බවද, ඒ වෙනුවට කළමනාකරණ දුර්වලතා, ප්‍රමාණවත් දළු නොමැතිවීම, මීට පෙර රජයන්ගේ අපරාජිත ක්‍රියාමාර්ග සහ උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවීම වැනි කරුණු මේ සඳහා බලපා ඇති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
තේ කර්මාන්තය දැනට අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටින බවත්, එම තත්ත්වයෙන් එය මුදා ගැනීම සඳහා අමාත්‍යාංශය ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
එසේම, වසා දැමුණු කම්හල් වලින් ඇතැමක් නැවත විවෘත කර ගැනීමේ හැකියාවක් පවතින බවත්, ඒ සඳහා ආයෝජකයන්ට අවශ්‍ය සහය ලබාදීමටත් රජය සූදානම් බවද ඔහු පැවසීය.
මෙම අදහස් පල කරන ලද්දේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමේදීය.
