යුද හමුදාවේ විශ්රාමික මේජර් ජනරාල්වරයෙකු විසින් පදවන ලද මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලකට කඩා වැදී එහි සේවය කල තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ.
මාවනැල්ල හිඟුල ප්රදේශයේ දී මෙම අනතුර සිදුව ඇතැයි මාවනැල්ල පොලීසිය සඳහන් කරයි.
අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ 34 හැවිරිදි එම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෝටර් රථය කොළඹ සිට මහනුවර දෙසට ධාවනය කරමින් සිටියේ දී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන එළවළු වෙළඳසැලේ සේවය කළ තරුණයාට බරපතළ තුවාල සිදුකරමින් දුරකථන කණුවක ගැටී නතර වී තිබේ.
අනතුර සිදු කිරීම හේතුවෙන් විශ්රාමික මේජර් ජනරාල් වරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
