ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ශ්රී ලංකාව මේ වනවිට සිදුකරමින් යන වැඩසටහන ප්රශංසනීය බව නේපාලය, මාලදිවයින හා ශ්රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් පවසයි.
ශ්රී ලංකාව සිදුකරගෙන යන වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම සිදුකරගෙන යන ලෙසත්, මෙය දේශපාලනය සිදුකරන කාලයක් නොවන බවයි කොළඹ දී ඊයේ (18) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ශ්රී ලංකාවට නැවතත් හිස එසවීම සඳහා මෙය සුදුසු කාලය බවත් නිවැරදි දේ සිදුකළ යුතු කාලයක් බවයි ෆාරීස් හැඩඩ් සර්වෝස් වැඩිදුරටත් සඳහන් කළේ