මෙවර මහ මැතිවරණයේ මොණරාල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 174,730 ලබා ගනිමින් ආසන 5 ක් දිනාගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා.
ඡන්ද 62,014 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ආසන එකක් ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 11,624 ක් ලබාගෙන ඇති අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර මහ මැතිවරණයේදී ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඡන්ද 10,697 ක් පමණක් වන අතර ඔවුන් කිසිවෙකුට කිසිදු ආසනයක් හිමිවී නැහැ.
