Spread the love

නිමල් රාජපක්ෂ
කොළඹ කොටුව සිට පොල්ගහවෙල බලා ධාවනය වු අර්ධ සීඝ්‍රගාමි දුම්රියට අද සවස 5.50 ට පමණ වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුවි ඇත
අනතුරින් මෝටර් රථය මීටර් සියයක් පමණ ඇදීගොස් ඇතැයිද වාර්තාවෙයි.
අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුර ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් යොදා රැගෙනවිත් ප්‍රතිකාර සදහා රෝහලට රැගෙන ගොස් තිබේ.
අනතුර සිදු වීමත් සමගින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා මගීන් නිවෙස් බගා ගමන් කිරීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වුහ.