නාගොඩ -සුමන
දියතලාව නරියා කන්ද ප්‍රදේශයේ පැවැත්වෙන “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරින් මියගිය සංක්‍යාව 07ක් දක්වා ඉහළගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තවත් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
තවත් කිහිප දෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ.
මෝටර් රථ කිහිපයක් ධාවන පථයෙන් ලිස්සා යාම අනතුරට හේතුවී ඇතිබව පොලිසිය පවසයි.
තරගාවලියේ ඉතිරි තරග සියල්ල අවලංගු කර ඇතිබව සංවිධායක මණ්ඩලය පවසයි.
