නාගොඩ සුමන
ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම තුළින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසීය.
පසුගිය කාලයේ ඇතැම් ඖෂධ සැපයීම එක් සැපයුම් කරුවෙකු ලියාපදිංචි වී සිටියහ.
මේ හේතුවෙන් වෙළෙඳපොළ ඒකාධිකාරීයක් පැවතීමෙන් එම ඖෂධ ඉහළ මිලකට මිලදී ගැනීමට රජයට සිදු විය.
ඒ අනුව එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින ඖෂධ සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම කඩිනමින් සිදු කළ බව එහිදී පැවසීය.
ඒ අනුව ලියාපදිංචිය ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඖෂධ සැපයුම්කරුවන් 2800ක පමණ ලිපි ලේඛන පරීක්ෂාව කඩිනම් සිදුකර බව පැවසීය.
එම සියලු සැපයුම්කරුවන් සුදුසුකම් පරීක්ෂාවෙන් අනතුරුව ලබන මාර්තු මාසයට පෙර ලියාපදිංචි කරන බව පැවසීය.
ඒ හරවා ඉදිරියේදී ඖෂධ මිළ තවදුරටත් අඩු කිරීමට හැකි වනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.
