Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ,පසුගියදා (ජූලි 08) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සමඟ නිල හමුවක් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානයට පැමිණි යුද්ධ හමුදාධිපති වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහළම හමුදා ආචාරය සහ අභිමානය පිළිබිඹු කරමින් සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය යුද්ධ හමුදාධිපති වෙත හඳුන්වාදීම සිදුකෙරිණි.

හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුවේදී, යුද්ධ හා නාවික හමුදාධිපතීන් අතර මෙහෙයුම් සහයෝගීතාව සහ ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදුකෙරුණු අතර, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ තීරණාත්මක දායකත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

තවද, සහෝදර හමුදා අතර බැදීම, කල් පවත්නා ශක්තීන්, ගෞරවනීය එකමුතුකම සහ අන්තර් සේවා සහයෝගිතාව ශක්තිමත් කරමින් පැවති මෙම නිල හමුව සංකේතවත් කරමින්, දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.