වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක (10) දින රාත්‍රියේ හටගත් ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බවත්, පැතිර යන ගින්න පාලනය කිරිමට තම කාර්යාලයේ නිලධාරින් උත්සහ කරමින් සිටින බව හැටන් වන අඩවි කාර්යාලයේ වන අඩවි නිලධාරිවරයා පැවසිය.
වටවල දුම්රිය ස්ථානය සහ මවුන්ට්ජින් වතුයායට පිවිසෙන මාර්ගයට යාබදව පිහිටි මෙම රක්ෂිතයේ හැටන්ඔය ආසන්නයෙන් (10) දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබා ඇති බවත්, පවතින වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතයේ කදු මුදුණ දක්වා පැතිර ගොස් ඇති බවත්, ගින්නෙන් මේ වන විට අක්කර 10 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බවයි එම නිලධාරිවයා කියා සිටියේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිතවලට ගිනි තැබිම් ඇතැම් පිරිස් සිදු කරන බවත්, එවැනි පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය හෝ තම කාර්යාලය දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙස හැටන් වල අඩවි නිලධාරිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
