Spread the love

රජයේ නිලධාරින් හිතාමතා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරන්නේ නම් ඒ වෙනුවෙන් මැදිහත්වීමට සූදානම් බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාතේ ගුරුවරුන් පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ චක්‍රලේකය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ගුරුවරුන්ට ටියුෂන් පන්ති තහනම් කිරීමට පෙර පලමුව කළ යුතුව ඇත්තේ ගුරු ගැටලු විසඳීම බවද ඔහු පැවසුවේය.

රජයක් ලෙස පාසල් සිසුන්ට ටියුෂන් පන්තිවල උවමනාව නැති කිරීමට වැඩපිලිවෙලක් සකස් කරමින් සිටින බවත් ටියුෂන් පන්ති තහනම් කිරීම විසදුමක් නොවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.