නිමල් රාජපක්ෂ
රජයේ සේවකයන්ගේ ගැටළු කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් , එම ගැටළු වලට විසඳුම් ලෙස රජය ඉදිරිපත් කර ඇති යෝජනා හුදු පොරොන්දු පමණක් නොවන බවත්, එය රජයේ සේවකයන්ට ලබාදුන් සහතිකයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .
අද පස්වරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය
එහිදී .වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මීට වසර දෙකකට පෙර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම පවා ප්‍රශ්නයක් වී තිබුණද, ආන්ඩුවේ නිසි ආර්ථික කළමනාකරණය හේතුවෙන් මෙම වසර ආරම්භයේදී රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කළ බවයි.
එසේ වුවද රජයේ සේවකයින්ට තවදුරටත් මුහුණ දිමට සිදුව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර, ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්දැයි සොයා බැලීමට විශ්‍රාමලත් ජනාධිපති ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු වාර්තාව අනුව , මුදල් අමාත්‍යාංශයේ පූර්ණ එකඟතාවය ඇතිව කැබිනට් මණ්ඩලය මගින්ද අනුමත කළ යෝජනා හුදු මැතිවරණ පොරොන්දු නොවන බවත් , එය රජයේ සේවකයන්ට ලබාදුන් , එසේම ලබන ජනවාරි පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වන ස්ථිරසාර යෝජනාවක් බවද එහිදී ඔහු සඳහන් කළා.
මැතිවරණ වේදිකාවල කතා කරන දේවල් සේම ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඇති දේවල් සහ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනා කිසිසේත්ම එක සමාන දේවල් නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා එය බුද්ධිමත් රාජ්‍ය සේවකයා පැහැදිලිව දන්නා බවද පැවසීය
අද ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන ඇතැම් කණ්ඩායම්, ප්රජාතන්ත්රවාදය තඹයකට මායිම් නොකර 71 සහ 88/89 දී සිදු කළ රාජ්‍ය දේපල විනාශය අති විශාල බවයි ඔහු සඳහන් කර සිටියේ.
එලෙස රාජ්‍ය දේපල විනාශ කිරීම පමණක් නොව, රාජ්‍ය සේවකයන්ට දැඩි ජීවිත තර්ජනයන්ට පවා එම වකවානුවේදී ලක්වීමට සිදුවූ බව සිහිපත් කළ සියඹලාපිටිය මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ රාජ්‍ය සේවයේ යෙදීම, මරණ දණ්ඩනය හිමිවීමට තරම් ඒ කාලයේදී වරදක් වූ බවයි.
