Spread the love

ඕපාත වීරපාන ප්‍රදේශයේදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඕපාත පොලීසිය ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

2021 වර්ෂයේ අගෝස්තු 31 වනදා බේරුවල මුහුදු තීරයේදී රුපියල් කෝටි තුන්සීයයකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 288කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම බොබ් මාලි නැමැත්තාය.

43 හැවිරිදි වියේ පසුවන සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වනවිට මාලබේ තලාහේන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර බොබ් මාලි ඇතුළු සිව්දෙනා හෙට උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.