Spread the love

දේවින්ද පිණිදිය

දිට්වා” සුළිකුණාටුව මගින් උගත් කටුක පාඩම් තුළින්, රටේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික සංවර්ධනය සහ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ ප්‍රායෝගික ජාතික වේදිකාවක් ලෙස ආපදාවට එරෙහිව විද්‍යාව ආයතනික පර්යේෂණ අවශ්‍යතා ඇගයීමේවැඩසටහන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කළ අතර, එහි පළමු පියවර තුළින් එළඹි  ප්‍රධාන නිර්දේශ සහ ඉදිරි පියවර පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය

“දිට්වා” සුළිකුණාටුවේදී, විද්‍යාත්මක දත්ත මත පදනම්ව තථ්‍ය කාලීන දත්ත ඒකාබද්ධ කිරීම සහ ආයතන අතර පවතින තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ ප්‍රධාන අවශ්‍යතාව අප හදුනා ගත්තා. ආපදාවක් සිදු වූ පසු “ප්‍රතික්‍රියාශීලී සහන සේවයේ” සිට “පූර්ව ක්‍රියාකාරී ඔරොත්තුදීමේ හැකියාව” (Proactive Resilience) කරා පරිවර්ථනය  අත්‍යවශ්‍ය වී තිබෙනවා.

මෙවැනි විපත් අවම කිරීම, ඒ සඳහා පූර්ව සූදානමකින් ශක්තිමත්ව ඔරොත්තුදීම සහ සිදුවන ජීවිත හා භෞතික හානිය අවම කිරීම වෙනුවෙන් අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගය ලබා දීමට අවශ්‍ය මැදිහත්වීම කරනවා. ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙන වෙනම  ආයතන ලෙස සිදුකරන පර්යේෂණ ඇතුළු වෙනත් කටයුතු එක් සම්බන්ධීකරණයක් හරහා එකම වේදිකාවකට ගෙන ඒම ආපදාවට එරෙහිව විද්‍යාව වැඩසටහනේ පරමාර්ථය වුණා. ස්වාභාවික ආපදාවකදී ඊට ශක්තිමත්ව මුහුණදී කළමනාකරණය සඳහා එවැනි ඒකාබද්ධතාවක් ඉතා වැදගත් බව මෙහි දී තීරණය වුණා. ඒ් සඳහා ඉතා වැදගත් නිර්දේශ මාලාවක් දැන් ඉදිරිපත් වී තිබෙනවා.

ස්වාභාවික ආපදාවන්හිදී ඒවා කළමනාකරණ කටයුතු සඳහා වගකීමෙන් බැදී සිටින ආයතන තම භූමාකාව පිළිබඳවත් ආසන්නතම ව්‍යසනයේදී හඳුනාගත් විද්‍යා හා තාක්ෂණික අඩුපාඩු  පිළිබඳවත් මෙම වැසඩසටහනේ දී  කරුණු ඉදිරිපත් කළා. එසේම විශ්ව විද්‍යාල හා වෙනත් පර්යේෂණ ආයතන විසින් ආපදා හඳුනා ගැනීම හා කළමනාකරණය හා සම්බන්ධව සිදුකෙරෙන සහ සිදුකර ඇති පර්යේෂණ පිළිබඳවත් ඉදිරිපත් කළා. ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් විසින් තම මෙහෙයුම් අත්දැකීම් විවෘතව ඉදිරිපත් කළා. මේ සියළු කථිකාවන් ඔස්සේ  පළමු වැඩසටහන හරහා ලබා ගත් විශේෂඥ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් කමිටු සහ අවශ්‍ය අනු කමිටු ගොඩනැගීමට සහය ලබා දෙනවා. පර්යේෂණ ආයතනවල දායකත්වය ලබා ගනිමින් ආපදා වැළැක්වීමට හා හානිය අවම කර ගැනීමට පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් ගොඩනැගීමට අවධානය යොමු කෙරුණා.

අප අමාත්‍යාංශය මගින් මේ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා දැන් පොදු වේදිකාව සකස් කර තිබෙනවා. අවශ්‍ය සදාවට එරෙහිව විද්‍යාව ආයතනික පර්යේෂණ අවශ්‍යතා ඇගයීමේ සම්පූර්ණ වාර්තාව ඉතා ඉක්මනින්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අනාගතය සමග යාවත්කාලීන වෙමින් අදියරෙන් අදියර  තාක්ෂණික පහසුකම්වලින් අදාළ අංශ සන්නද්ධ කිරීමට කටයුතු කරනවා.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මෙහොමඩ් නවවි, අධ්‍යක්ෂ (සැලසුම්) ආචාර්ය ප්‍රභාත් අබේසිරිවර්ධන, ආපදා කළමනාකරණ හා දේශගුණ විපර්යාස විශ්ලේෂක රොහාන් කුරේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.