Spread the love

රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව ගත යුතු සෑම පියවරක්ම ගන්නා ලෙසද, ඊට රජයේ සහයෝගය හා පහසුකම් සැලසීම සිදු කරන බවයි මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

බැංකු මූල්‍ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මනා යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.