ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධ වන්නේ රට අරාජික කිරීමට උත්සාහ කරන කණ්ඩායම් මිස සාමාන්‍ය ජනතාව නොවේ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
රටේ ජනතාවට මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ රටේ තිබෙන ගැටළුවලට විසඳුම් ලබා දීම. ඔවුන් කිසිම අවස්ථාවක මෙම ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව අදහස් දක්වන්නේ නැහැ. ඇතැම් කණ්ඩායම්වල කිහිප දෙනෙකුට අවශ්‍ය වී තිබෙන්නේ උද්ඝෝෂණය කර, වීදි සටන් කර රට අරාජික කිරීම හා අකර්මණ්‍ය කිරීමයි.
එහෙම අය තමයි ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධ කතා කරන්නේ. නමුත් රටේ සමස්ත ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ මෙම අවස්ථාවේ රටේ සාමය ආරක්ෂා කරගෙන රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති වීමට ඉඩ නොදී ජනජීවිතය සාමකාමීව පවත්වාගෙන යාමයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ අද දින අපේ ගම පරිශ්‍රයේ දී පැවැති කෘෂිකර්ම අමාත්‍යාංශයේ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වෙමිනි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ සුබසාධක සමිතිය විසින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිනි.
අපි දන්නවා මීට පෙර රටේ පැවැති තත්ත්වය. 2018 සිට මේ වනතෙක් අපේ ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට හැකියාවක් තිබුනේ නැහැ. ගිය අවුරුද්ද දවසෙත් මිනිස්සු හිටියේ තෙල් පෝළිම් හා ගෑස් පෝලිම්වල. නමුත් අවුරුදු පහකට පස්සේ මේ වතාවේ යම් මට්ටමකට හො ඳ තත්ත්වයක් රට තුළ පවතිනවා. නැවතත් උද්ඝෝෂණ හා වීදි මටන් කර රට අරාජික කළ හොත් රට යළි වැටෙනවා. ඒ නිසා අපි වටහා ගත යුතු දේ තමයි මේ වෙලාවේ රට වැටීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක් ම අපි ගත යුතුයි.
මේ වෙලාවේ රටේ ජනතාවට අවශ්‍ය උද්ඝෝෂණ හෝ වීදි සටන් නොවෙයි. රටේ ජනතාවට අවශ්‍ය සාමාන්‍ය පරිදි ජනජීවිතය සාමකාමීව පවත්වාගෙන යාමයි. යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.