සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම තුළින් ශ්‍රවණාබාධිත තැනැත්තන්ට තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලැබෙන අතර, සමාජයේ සියලු කටයුතු වලදී පුර්ණ සහාභාගීත්වයත්, සමාන අවස්ථාවන් බාධාවකින් තොරව ලබා ගැනීමටත් හැකියාව ලැබෙන බවයි සඳහන් වෙන්නේ.
සංඥා භාෂාව පිළිගත් භාෂාවක් කිරීම සඳහා 2010-09-08 දින අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදී ඇති අතර , සංඥා භාෂාව විධිමත් සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පිළිගැනීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2017-09-12 දින සහ 2021-01-18 දින ගනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල තීරණයන් පරිදි නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදී තිබේ.
අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
