Spread the love

අද වනවිට දිවයින පුරා ඩෙංගු යයි සැක සහිත රෝගීන් 35075ක් වාර්තා වී ඇති බව වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පවසනවා

ඒ මහතා සඳහන් කරන්නේ ඉන් සියයට 50ක් බස්නාගිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ ඩෙංගු ව අවදානමක් පවතින බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

දත්තවලට අනුව කොළඹ ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වල ධීවර විටෙක අධික ඩෙංගු රෝගීන් සොයා ගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා.

ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එහෙම දෙයක් ඒ තුළ මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7900ක් වනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් විශාල සංඛ්‍යාවක් හමුවී ඇති අතර එම සංඛ්‍යාව 7300ක් වනවා.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්ක ද රෝගීන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති බවයි වී ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.