Spread the love

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස හතරක් ගතවෙයි.

ඔහු ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය.

තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව පවසමින් ඔහු ඉල්ලා අස්වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදාය.

නමුත් මාස හතරක් අද වන විට ගත වී ඇතත් මෙතෙක් එම උපාධි සහතිකය ඉදිරිපත් කර නැත.

ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබා ගත් බවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවත් ඔහු පවසා ඇතත් ඒ දෙකෙන් කුමන හෝ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.