ජනාධිපතිවරණය එළඹෙන වසර තුළ මුලින් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
විදේශ වුවමනාන් අනුව ලංකාව කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය ආකාරයේ මැතිවරණවලට ඉඩ නොදී ජනතා ගැටළු විසඳිය යුතු බවද ඒ මහතා පැවසීය.
මුලින් පැවතිය යුත්තේ කුමන මැතිවරණද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇතැයි ද පැවසූ ඔහු රටක ස්ථාවරත්වය තිබෙන විට ජනාධිපතිවරයාට ඒ සඳහා සුදුසු අවස්ථාව තෝරාගැනීමට ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී තිබෙන බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලක්ෂ සීයක් ලබාගෙන නැවත ජනාධිපති පුටුවේ වාඩිවිය හැකි බවත් ඒ සඳහා සෑම නිවසකින්ම ඔහුට ඡන්දයක් භාවිතා කරන තැනට රට ගමන් කළ යුතු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
