එළඹෙන මහ කන්නයේදී ගොවීන්ට තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති බවත් ජනාධිපතිවරවයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර යල කන්නයේදී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා ලබාදුන් වවුචර් පත් වෙනුවට එළඹෙන මහ කන්නයේදී එම මුදල ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. ඒ අනුව ගොවීන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි පුද්ගලික අංශයෙන් හෝ රජයේ පොහොර සංස්ථාව මගින් කාබනික හෝ රසායනික පොහොර මිලදී ගැනීමට හැකි වන පරිදියි.
හෙක්ටයාරයක් සඳහා රුපියල් 20,000 ක මුදලක් ද, හෙක්ටයාර 02 ක් සඳහා රුපියල් 40,000 ක මුදලක් ද, පොහොර මිලදී ගැනීම සඳහා යල කන්නයේදී වවුචර් පත් මගින් ගොවීන් වෙත නිකුත් කරයි.
