Spread the love

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ, හයිද්‍රාබාද් නුවරට ආසන්නව පිහිටි පෂමිලාරම් කාර්මික ප්‍රදේශයේ සිගාචි රසායනික කම්හලක ඊයේ (30) උදෑසන 9:00ට පමණ සිදුවූ දරුණු පිපිරීමකින් උඩු යටිකුරුවී මීටර් ගණනාවක් ඇතට විසිවී ගොස් සේවකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමඟ ඇති වූ විශාල ගිනි ජාලාවක් කම්හලේ ගොඩනැගිලි හා අවට ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති අතර, එහි බලපෑමෙන් තුන්මහල් නිෂ්පාදන ඒකකයක් බිඳවැටී ගොස් ඇත.

අනතුර සිදුවූ වහාම හයිද්‍රාබාද් හා සංගාරෙඩ්ඩි ගිනි නිවන ඒකකවලින් ගිනි නිවන රථ 11ක් සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF), තෙලංගානා රාජ්‍ය ආපදා ප්‍රතිචාර බලකාය (SDRF) ඇතුළු බලධාරීන් ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීමටත්, ගොඩනැගිලි කඩාවැටීමෙන් සුන්බුන් යට සිරවූවන් බේරා ගැනීමටත් කටයුතු කර ඇත. තුවාලකරුවන් කඩිනමින් රජයේ හා පෞද්ගලික රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, ඉන් 12 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ