තමා රාජපක්ෂවරුන්ගෙන් සත පහක උදව්වක් ලබාගත් පුද්ගලයෙකු නොවන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
අසීරුවෙන් රැකගත් තම සමාජ ප්රාග්ධනය සහ ව්‍යාපාරවල කීර්ති නාමය අද වන විට අභියෝගයට ලක් වී ඇති බවත්, තමා ඍජුව දේශපාලනයට ඒමට තීරණය කළේ එබැවින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
යම් අවස්ථාවකදී තමා රජපක්ෂ කඳවුර දූෂිතයැයි විවෘතව කතා කළ බවද, එනමුත් විකල්පයක් නොතිබූ බැවින් එම කඳවුර තුළින්ම ගෝඨාභය රාජපක්ෂ තෝරාගෙන උදව් කළ බවද, කෙසේ හෝ ඔවුන් කඳවුර පාවාදුන් බවද ඔහු සඳහන් කරනවා.
මෙරට සුවහසක් ජනතාව ආර්ථිකව දුක් විඳින්නේ ඒ නිසාවෙන් බවද, තමා දේශපාලනයට ආවේ රටේ දේශපාලන වෙනසක් සිදු කිරීමට බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
