Spread the love

රාජපක්ෂලා එක්ක මුහුණට මුහුණ සටන් කරන්න මං පැකිළෙන්නෑ.. මං ගමේ බයියෙක්…- කුට්ටි
අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පොහොට්ටු නාය­ක­යන් වන සේම­සිං­හලා, චන්ද්‍ර­සේ­නලා පොහො­ට්ටුව මෙන්ම බැසිල් බාප්පා අත­හැර දමා ගිය බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි­ආ­රච්චි මහතා පැව­සීය.

අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පැවැති ජන­හ­මු­වකට එක් වෙමින් හිටපු මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.

තමන් ගමේ බයි­යෙක් වන අතර බයි­ය­කුගේ කතාව මහා­චා­ර්ය­ව­ර­යකු මෙන් නොවන බවත් තමාගේ කතාව කිසි­ව­කුට තහංචි දමා නැවැ­ත්විය නොහැකි බවත් ඒ මහතා කීවේය.

හම්බ­න්තො­ටින් ප්‍රාදේ­ශීය සභාව නියෝ­ජ­නය කර­මින්, මොන­රා­ග­ලින් පළාත් සභාව නියෝ­ජ­නය කර­මින්, බදු­ල්ලෙන් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ තමන්ට අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කය භාර දුන්නේ පොහො­ට්ටුවේ අහිං­සක ජන­තාව වෙනු­වෙන් බව තිස්ස කුට්ටි­ආ­රච්චි මහතා කියා සිටි­යේය.

එම නිසා පක්ෂයේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් පක්ෂයේ ඕනෑම කෙනෙක් සමඟ සටන් කරන බව ද හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රයා කියා සිටි­යේය.

ඒ මහතා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය,

“වැඩිය මුකුත් කියන්න බැහැ, මටත් ලියුම් ගහ­නවා. ඒ නිසා පරි­ස්ස­මින් කතා කරන්න කියලා, දැනුම් දීලා තියෙ­නවා. ඒක නම් කරන්න බැහැ. තිස්ස කුට්ටි­ආ­රච්චි කියන්නේ ගමේ බයි­යනේ. බයියා කතා කරන්නේ ගමට. මට හොඳට සරම් කමිස ඇඳලා, වෙල් ඉප­නැල්ලේ පිනුම් ගහලා, කැත්ත උදැල්ලේ වැඩ අර­ගෙන, වී හුළං කරලා, බැත හදලා, වී මිටි පිටේ තියන් පුරු­දුයි.

මම හම්බ කළේ මත්තල, හම්බ­න්තොට, ලුණු­ග­ම්වෙ­හෙ­රෙයි. ඒ නිසා මගේ කතාව මහා­චාර්ය ජී.එල්. පීරිස් මහ­ත්ත­යාගේ කතාව වගේ වෙන්න බැහැනේ. ඒකට තමයි මහා­චාර්ය ජී.එල්. පීරිස් ඉන්නේ. මේ තිස්ස කුට්ටි­ආ­ර­ච්චිගේ කතාව කිසිම කෙන­කුට තහංචි දමා නව­ත්වන්න බැහැ.

රාජ­ප­ක්ෂලා එක්ක මුහු­ණට මුහුණ සටන් කරන්න තිස්ස කුට්ටි­ආ­රච්චි කිසි දව­සක පැකි­ළෙන්නෙ නැහැ. ඒක තමයි නාමල් රාජ­පක්ෂ තිස්ස කුට්ටි­ආ­ර­ච්චිව අතින් අල්ලලා අනු­රා­ධ­පු­ර­යට ගෙන­විත් අත­ඇ­රියේ. හම්බ­න්තො­ටින් ප්‍රාදේ­ශීය සභාව නියෝ­ජ­නය කර­මින් මොන­රා­ග­ලින් පළාත් සභාව නියෝ­ජ­නය කර­මින් බදු­ල්ලෙන් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ මම ඇයි අනු­රා­ධ­පු­ර­යට එව්වේ.

අනු­රා­ධ­පුරේ බාප්පාත් එක්ක හිටපු චන්ද්‍ර‍ෙ­ස්නලා, සේම­සිං­හලා පොහො­ට්ටු­වට ගේමක් දීලා ගියා. නාමල් රාජ­පක්ෂ එක්ක කෝපි බිව්ව සේම­සිං­හත් අපට ගේමක් දීලා ගියා. හැත්ත බුරු­ත්තම ගියා. ඒ වෙලේ තමයි තිස්ස කුට්ටි­ආ­ර­ච්චිට මේක භාර දුන්නේ. මේ අහිං­සක ජන­තාව පම­ණයි ඉන්නෙ නාමල් රාජ­ප­ක්ෂගේ 2029 කැම්පේන් එක කරන්න. උන්දැල කියන විදි­හට මම ඡන්ද කඩන්න ආවේ නැහැ.” යනු­වෙන් ද පැව­සීය.