දින තුනක වැඩසටහන් අවසන් වුව ද තබ්බෝව වැව් තාවුල්ල ආශ්‍රිත ප්‍රදේශ පිරිසිදු කිරීමේ මෙහෙයුම අවසන් නොවන් බවත් මෙම ප්‍රදේශවල පවතින ආක්‍රමණික ශාඛ ඇතුළු පරිසරයට ප්‍රයෝජනවත් නොවන ශාඛ ඉවත් කර වනඅලින්ට අවශ්‍ය ආහාර සම්පාදනය කිරීමේ මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවත් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසී ය.
ඒ මහතා මේ බව පැවසූයේ පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව තබ්බෝව වැව කේන්ද්‍ර කරගනිමින් දින තුනක් පුරා පැවති ‘‘අලිවැටෙන් ඔබ්බට ස්ථිරසාර විසඳුම් ක්‍රියාවලිය’’ වැඩසටහනේ අවසන් දින වූ (12) වැඩසටහනට සහභාගී වෙමිනි.
පරිසර අමාත්‍යංශය විසින් සිදු කරනු ලබන පරිසර සංරක්ෂණ ක්‍රියාවලියේ එක් කඩිනම් ව්‍යාපෘතියක්, පසුගිය 10 දා ආරම්භ වූ මෙම විශේෂ වැඩසටහනේදී තබ්බෝව වැව් පරිශ්‍රයේ පැවති ආක්‍රමණශිලී ශාක වන ජපන්ජබර, කලපු අන්දර ඉවත් කිරීම සිදු කෙරිණි.
මෙම ක්‍රියාදාමය පරිසර අමාත්‍යංශය හා Clean Sri Lanka වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක වූ අතර තබ්බෝව වැව් තාවුල්ලේ පිරිසිදු කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, පොලිසියේ නිළධාරීන්, සිවිල් ආරක්ෂණ නිළධාරීන් සහ තරුණයන්, පරිසර නියමු භටයන් සහ පාසල් ශිෂ්‍යයන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් විසින් සිදු කරන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් තබ්බෝව වැවේ සීමා මායිම් සලකුණු කිරීම ද සිදු කෙරුණි.
දිවයින පුරා වැව් පද්ධති 23ක් සංරක්ෂණය කිරීම සඳහා ක්‍රියාත්මක මහා පරිමාණ වැඩසටහනක කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ද ක්‍රියාවට නැංවේ.