Spread the love

මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය නිසා රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක් වරම ශීඝ්‍රයෙන් ඉහල යන බැවින් දිය ඇල්ලේ දිය නෑම සහ දිය ඇල්ල අසලට ගමන් කිරීම තහනම් කර තිබේ.

රාවණා ඇල්ලේ ජලපෝෂක ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබෙන අවස්ථාවලදී දිය ඇල්ලේ ජල මට්ටම එක් වරම ඉහල යන අතර එම නිසා දිය ඇල්ල අසට ගමන් කිරීම හෝ දිය ඇල්ලේ දිය නෑමේන් වලකින ලෙසට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.