Spread the love


නිමල් රාජපක්ෂ-


මැයි පළමු වැනි දිනට ලෝක කම්කරු දිනය යෙදී ඇති බැවින් එදිනට මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවල පමණක් සියළුම සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා නියෝග කොට ඇත.


එදිනට බලපත්‍ර කොන්දේසි කඩ කරමින් හෝටල් , ආපනශාලා හා රටබීම හල්වල මත්පැන් අලෙවි කල හොත් තරා තිරම නොබලා නීතිය දැඩි ක්‍රියාත්ම කරන බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා පැවසුවේය.


කිසියම් පුද්ගලයකු හෝ බලපත්‍ර ලාභියකු නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරම සිදු කරන්නේ නම් 1913 දුරකථන අංකයට හෝ 0112877 688 ෆැක්ස් අංකයට හෝ oicoptroom@excise.gov.lk යන විද්යුත් දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කලයුතු බවද එසේ තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍ය භාවය රකින බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.