Spread the love

අද උදෑසන කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී සිදුව ඇති රිය අනතුරකින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාලකරුවන් හත් දෙනෙකු කන්දකැටිය රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.